වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි කදවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

07 Sep 2016

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
 

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති, ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් මහතා අද (7) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

07 Sep 2016

සම්පත්නුවර ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

වකුගඩු රෝග වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු ‍කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් වැලිඔය, සම්පත්නුවර ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සම්පත්නුවර මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) විවෘත කිරීමේ උත්සවය අද (6) එම විද්‍යාල භූමියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

07 Sep 2016