නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) නිලාවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු සිමාවේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 3 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් 2 ක්, GPS යන්ත්‍රයක් ද අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චිවේලී පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.