වැදගත් සිදුවීම්

නාවික හමුදාව මගින් මොණරාගල ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් මොණරාගල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.

13 Sep 2016

විශ්‍රාමික ගුවන් හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් රාජකාරී සිදු කර ඊයේ (12) විශ්‍රාම යනු ලැබූ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

13 Sep 2016

වලව “සුපර් ක්‍රොස්” 2016 යතුරු පැදි තරඟාවලියේ ජයග්‍රහන රැසක් නාවික හමුදාවට
 

උඩවලව පිහිටි යුධහමුදාවේ විදුලි හා යාත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මගින් සංවිධානය කරන ලද වලව “සුපර් ක්‍රොස් 2016” යතුරු පැදි තරඟාවලියේ ජයග්‍රහන රැසක් දීනා ගැනිමට නාවික හමුදාව නියෝජනය කළ ක්‍රිඩකයන් සමත් විය.

13 Sep 2016

ත්‍රිකුණාමලය ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක්ගේ දිවි බේරා ගැනේ
 

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් පිරිසක් විසින් ‍ඊයේ (12) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි කාන්තාවක්ගේ දිවි බේරා ගැනීමට සමත් විය.

13 Sep 2016