නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) මුන්දම්පිඩ්ඩි පෙරියාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් වල්ලමක් සහ නීති නිරෝධී දැල් 4 ක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.