වැදගත් සිදුවීම්

වැලිසර ඉදිකරන ලද නාවික නිවාස සංකිරණය ආරක්ෂක ලේකම්තුමන් අතින් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් අනුව බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික විවාහක නිවාස සංකිරණය අද (14) ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණසේන හෙට්ටිආරචිචි මහතා අතින් විවෘත කරන ලදී.

14 Sep 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) මුන්දම්පිඩ්ඩි පෙරියාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

14 Sep 2016