නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දාහතර දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (13) සාම්පුර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දාහතර දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවන් 2 ක් සහ තහනම් දැල් 2 ක් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුතුර් ධිවර පරික්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.