වැදගත් සිදුවීම්

පොල්පිතිගම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් පොල්පිතිගම ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.

15 Sep 2016

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් මහතා සහ සහකාර ශ්‍රී ලංකා චීන ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් චෑන්ග් මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

15 Sep 2016

නිලධාරීන් පිරිසක් විසින් නාවික හමුදාවට රෝද පුටු පරිත්‍යාග කෙරේ
 

චීනයේ වූහාන් හී පිහිටි නාවික ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ පාඨමාලාවන් හදාරා පැමිණි නාවික හමුදා නිලධාරින් පිරිසක් විසින් නාවික හමුදාව වෙත රෝද පු‍ටු 10 ක් පරිත්‍යාග කරන ලදී.

15 Sep 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දාහතර දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (13) සාම්පුර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දාහතර දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

15 Sep 2016