කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

බටහිර නාවික විධානයට අයත් කොළඹ වරායෙහි පිහිටි, ශ්‍රීලංනානෞ රංගල සහ වැලිසර හි පිහිටි, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී ඊයේ (15) කඳාන ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය. නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ද මේ වැටලීම සඳහා නාවික හමුදා භට පිරිස් වෙත සහය දක්වා ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මහබාගේ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.