මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරි‍යේ නිරතව සිටි ඉංජිනේරු කාර්මික ජීඑස්එස් අබේවීර යන නාවිකයාගේ හදිසි මරණය වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ලබාදෙන ලදී.

මියගිය නාවිකයා හට අවසන් ගෞරව දක්වා ශෝකය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, රක්ෂණ වන්දි මුදලට අදාල ප්‍රේශණපත අද (16) වැලිගම පිහිටි නිවසේ දී ඔහුගේ බිරිඳ වෙත ලබාදීම සිදු කෙරිණි.

පොදු නොවන අරමුදලක් යටතේ නාවික පුද්ගලයින් ගේ රක්ෂණාවරණයක් ලෙසින් පවත්වාගෙන යනු ලබන නාවික හමුදා ˝නැවිරු සවිය˝ සුවසහන රක්ෂණ අරමුදල, නාවික හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි. අරමුදලේ සාමාජිකයෙකුගේ හෝ ඔවුන්ගේ ළඟම ඥාතීයෙකුගේ මරණයකදී, බරපතල රෝගාබාධයකදී, සදාකාලික හෝ අර්ධ දුබලතාවයකදී, සාමාන්‍ය රෝග තත්වයන් වලදී, ශල්‍ය කර්මයකමයකදී මෙන්ම වෛද්‍ය පරීක්ෂණයන් හිදී මෙමගින් ඔවුන් වෙත රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සිදු‍වේ.