වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයන් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරම හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (21) කොන්දම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

22 Sep 2016

ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණයට නාවික හමුදාධිපතිතුමා සහභාගී වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්පෝට් රෝඩ් දූපතේ පිහිටි නාවික යුද විද්‍යාලයේදී 22 වන ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණය ඊයේ (21) ආරම්භ වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.

22 Sep 2016