නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, කින්නියා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්න ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) උප්පාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක්, නීති විරෝධී දැල් 2 ක්, කිමිදීම සඳහා භාවිතා කරන පා වරල් යුගලක් හා මුහුණු ආවරණ දෙකක් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සහකාර ධීවර අධ්‍යක්‍ෂක ත්‍රිකුණාමලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.