ඩෙල්ෆ් ප්‍රාදේශිය රෝහලේ සහ ගිලන් යාත්‍රාවේ පරිහරනය සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ
 

ඩෙල්ෆ් දූපතේ සිට යාපනය දක්වා ගිලන් වූ රෝගීන් ප්‍රවාහනය කරනු ලබන ගිලන් යාත්‍රාවේ හා ඩෙල්ෆ් ප්‍රදේශිය රෝහලේ පරිහරණය කිරිම සඳහා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඩෙල්ෆ් දූපතේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ දි සිදු කෙරෙණි. මෙම වෛද්‍ය උපකරණ තොගය උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් 2016 අගෝස්තු මස 21 දින ඩෙල්ෆ් ප්‍රදේශිය රෝහලේ, වෛද්‍ය නිලධාරී කුමාරසාමි බාලාචන්ද්‍රන් මහතා වෙත ලබාදීමට කටයුතු කෙරෙණි.

උතුරු විධාන වෛද්‍ය නිලධාරීගේ ඉල්ලීමකට අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනුග්‍රහයෙන් ලබා දුන් මෙම වෛද්‍ය උපකරණ තොගයේ වටිනාකම රුපියල් 90,000 ක් පමණ වන අතර, වෙද නලාවක්, බීපී උපකරණ, ග්ලුකෝ මීටර් ඇතුළු ගිලන් යාත්‍රාව සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් මේ සඳහා ඇතුලත් වේ. 2015 ඔක්තොම්බර් මස 15 වන දින ආරම්භ කරන ලද මෙම ගිලන් යාත්‍රාව මගින් අවස්ථා 131 කදී ගිලන් වූ රෝගීන් 160 දෙනෙකු හදිසි ප්‍රථිකාර සඳහා යාපනය ශික්‍ෂණ රෝහල වෙත ප්‍රවාහනය කිරීමට දායක වී ඇත.