වැදගත් සිදුවීම්

ඩෙල්ෆ් ප්‍රාදේශිය රෝහලේ සහ ගිලන් යාත්‍රාවේ පරිහරනය සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ
 

ඩෙල්ෆ් දූපතේ සිට යාපනය දක්වා ගිලන් වූ රෝගීන් ප්‍රවාහනය කරනු ලබන ගිලන් යාත්‍රාවේ හා ඩෙල්ෆ් ප්‍රදේශිය රෝහලේ පරිහරණය කිරිම සඳහා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඩෙල්ෆ් දූපතේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ දි සිදු කෙරෙණි.

24 Sep 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 77.5 ක් නාවික හමුදා සහ පොලිස් අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී ඊයේ (23) පුදුකුඩිරිප්පුහි පිහිටි අම්බලන්පොක්කනේ වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 77.5 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

24 Sep 2016

හම්බෙගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ‍
 

නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් මොණරාගල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.

24 Sep 2016

නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහන රැසක්
 

කොළඹ කුඩා යාත්‍රා සංගමය (Colombo Motor Yacht Club) මගින් සංවිධානය කරන ලද ලේසර් අංශයේ හා එන්ටප්‍රයිසස් අංශයේ රුවල් ඔරු තරඟාවලිය 18 දින බොල්ගොඩ ජලාශයේදී පැවැත්වුනු අතර, එයින් ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකි විය.

24 Sep 2016