වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිශා බිස්වාල් මහත්මිය හමු වේ
 

මේ දිනවල ඇමෙරිකාවේ නිල සංචාරයක යෙදී සිටින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර ලේකම් නිශා බිස්වාල් මහත්මිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී ඊයේ (27) හමු විය.

28 Sep 2016

කොරල් පර අධීක්ෂණ සහ නැවත වගා කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලයෙන් ආරම්භ වේ
 

බ්ලූ රිසෝසස් සංවිධානය සහ වනජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරය, ලංකා ටෝකියෝ සිමෙන්ති පුද්ගලික සමාගම සමග එක්ව ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවික පුද්ගලයන් වෙනුවෙන් සංවිධානය කරන ලද, කොරල් පර මිණුම් සහ සිතියම් ගත කිරීම පිළිබඳ පුහුණු වැඩ මුළුවක් සහ කොරල් සිටුවීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ පිහිටි කොරල් කෝව් (Coral Cove) වෙරළ තීරයේදී පවත්වන ලදී.

28 Sep 2016