වැදගත් සිදුවීම්

බංගලාදේශ නාවික හමුදා “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

‍බංගලාදේශ නාවික හමුදාවට අයත් “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (29) කොළඹ වරායට සේන්දු විය.

30 Sep 2016

කේරළ ගංජා සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරමෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව කළ මෙහෙයුමක් මගින්, මන්නාරම ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්රෑම් 4 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගන්නා ලදී.

30 Sep 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයෙකු සහ තහනම් දැල් තොගයක් අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අයත් තංගල්ල හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී, නාකුලුගමුව ප්‍රදේශයේදී නීති විරෝධී තහනම් දැල් සමග පුද්ගලයෙකු ඊයේ (29) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

30 Sep 2016

වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් උස්වැටකෙයියාවේ හි පිහිටි, ශ්‍රි ලංකා නාවික නෞකා කැලණි ආයතනයට අනුයුක්ත නාවිකයන්, ගම්පහ ඖෂධ හා ආහාර අන්තර් මණ්ඩලය සහ මිගමුව පොලිසිය හා එක්ව කළ මෙහෙයුමකදී මත්විම සඳහා අලවි කිරිමට සුදානම් කර තිබු වේදනා නාශක ඖෂධ පෙට්ටි 10 ක් සමග පුද්ගලයෙකු ඊ‍යේ (29) සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදි.

30 Sep 2016