වැදගත් සිදුවීම්

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් විසිඅට දෙනෙකු අධිකාරියට පත් කෙරේ
 

54 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 28 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (30) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදි.

31 Oct 2016

“දෝස්ති XIII” වෙරළාරක්ෂක බලකා අභ්‍යාසයට එක්වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ කොළඹ වරායට පැමිණේ
 

පුහුණු සංචාරයක් සඳහා පසුගිය 23 වන දින මාලදිවයිනේ මාලේ වරාය වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සාර්ථකව සිය සංචාර‍ය නිමා කරමින් අද (30) කොළඹ වරායට ළගා විය.

30 Oct 2016

ඉන්දීය සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සුරනිමිල නෞකාවන් කොළඹ වරායට පැමිණෙයි
 

පුහුණු සහ සුහද සංචාරයක් සඳහා පසුගිය 24 වන දින ඉන්දියාවේ කොචින් වරාය වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාර‍ය නිමා කරමින් අද (29) කොළඹ වරායට ළගා විය.

29 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැ‍ගෙනහිර නාවික විධානයට අයත්, ත්‍රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අනුයුක්ත පී 4446 යාත්‍රාවේ රාජකාරීයේ නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) පුල්මුඩේ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු සමග ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක් සහ නීතිවිරෝධී දැලක් ද අත්අඩංගුවට ගන්නා ලදී.

28 Oct 2016

ඩෙටනේටර් 7,500 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරම හි පිහිටි ‍ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) පල්ලිමුනෙයි ප්‍රදේශයේදී ඇසුරුම් 100 ක සඟවා තිබූ විදුලි නොවන ඩෙටනේටර් 7,500 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

28 Oct 2016

නාවික හමුදා විරුවන් වීර පදක්කම් වලින් පිදුම් ලබයි
 

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට වීර පදක්කම් ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති, සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

28 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුත්තලම කලපුව අශ්‍රිතව සිදු කරන ලද මුහුදු මුර සංචාරයකදී, පුල්ලුපිඩ්ඩි දුපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 2 දෙනෙකු අද (27) අත්අඩංගුවට ගන්නා ලදි.

27 Oct 2016

“සයුර” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි

ඉන්දියාවේ පුහුණු හා සුහද සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමිල” යන නෞකා ද්විත්වයේ කාර්යය මණ්ඩල එක්ව “සයුර” නෞකාවේ දී නාවික සම්ප්‍රදායානුකූල පිළිගැනීමේ උත්සවයක් ඊයේ (26) සන්ධ්‍යාවේ සංවිධානය කර තිබුණි.

27 Oct 2016

හෙරොයින් කිලෝග්‍රෑම් 2 ක් සමග ඉන්දීය පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් මුල්ලීකුලම් හි පිහිටි, ශ්‍රීලංනානෞ භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමක දී අද (27) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර කටයුතු වල නිරතවිමේ මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන එමින් තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 2 ක් අත්අඩංගුවට ගන්නා ලදි.

27 Oct 2016

ශ්‍රීලංනානෞ සයුර සහ සුරනිමිල යන නෞකාවන් පුහුණු අභ්‍යාසයක සහ ඉන්දියාවේ පුහුණු චාරිකාවක නිරත වේ

පුහුණු සහ සුහද සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සුරනිමිල යන නෞකාවන් 2016 ඔක්තෝබර් මස 24 වන දින උදෑසන ඉන්දියාවේ කොචින් වරායට සේන්දු වුනු අතර, එම ගමන් වාරය අතරතුර දී නෞකාවන් ද්විත්වය මුහුදට වැටුණු නාවිකයෙකු නැවත නිරුපද්‍රිතව නෞකාවට ගැනීමේ පුහුණු අභ්‍යාසයක (Man Overboard) සහ අනතුරට පත් නෞකාවක් වරාය දක්වා රැගෙන යාම මෙන්ම අනතුරට පත් නෞකාවක් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබද පුහුණු සැසිවාර පවත්වන ලදී.

27 Oct 2016