වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

‍උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (4) කොන්දම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

04 Oct 2016

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

‍ඩෙල්ෆ් දූපතට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (4) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

04 Oct 2016

ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ
 

‍බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවික හමුදා බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ සෙබලුන් පිරිසක් එක්ව ඊයේ (3) තණමල්විල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී ගංජා කිලෝග්‍රෑම් 4 ක්ද සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

04 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

‍තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (3) සමත් විය.

04 Oct 2016