වැදගත් සිදුවීම්

නාවික හමුදාව විසින් උතුරේ දූපත්වාසී ජනතාව වෙනුවෙන් ඩෙංගු හා පිළිකා රෝග නිවාරණ වැඩසටහන්

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත වේලනි සහ කයිට්ස් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ඇතිව ඩෙංගු සහ පිළිකා නිවාරණ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 28 සහ 29 යන දෙදින පවත්වන ලදී.

06 Oct 2016

වසර 34ක සේවය නිමා කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් එරික් ජයකොඩි සහ ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර යන ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් දෙදෙනා සිය 34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් අද (6) දින විශ්‍රාම යන ලදී.

06 Oct 2016

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් කිමිදුම් ක්‍රම සහ උපකරණ භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

06 Oct 2016