වැදගත් සිදුවීම්

ජපන් නාවික හමුදාවට අයත් නෞකා තුනක් කොළඹ වරායට පැමිණේ
 

ජපාන නාවික හමුදාවට අයත් “කෂීමා” “සෙටොයුකි” සහ “අසගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා පුහුණු කටයුතු සඳහා අද (7) සවස කොළඹ වරායට සේන්දු විය.

07 Oct 2016

රොටලවෙල ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන නාවික හමුදා ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් මහියංගනය රොටලවෙල ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සිසු අයිතියට පත් කෙරුණි.

07 Oct 2016

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇරෝ යාත්‍රා “සෙඩ්රික්” ලෙස නම් කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශේෂ යාත්‍රා බලඝණයේ සම නිර්මාතෘ වශයෙන් නාවික ඉතිහාසයට එක්ව සිටින දිවංගත කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් එන්වීඑක්ස් 5068 නිලධාරියාට සිදු කරන ‍ගෞරවයක් වශයෙන් පසුගිය ඔක්තෝබර් 5 වන දිනට යෙදී තිබූ ඔහුගේ 70 වන ජන්ම දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ඇරෝ යාත්‍රා “‍සෙඩ්රික්” (Cedric) ලෙස හැදින්වීමට නාවික හමුදාව තීරණය කොට ඇත.

07 Oct 2016