වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට ලැබුණු බුද්ධි තොරතුමක් මත ක්‍රියාත්මක වූ නාවිකයන් පිරිසක් ඊයේ (7) මහබාගේ පොලීසිය හා එක්ව සිදු කළ සෝදිසියකදී හැදල ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ වේදනා නාශක ඖෂධ පෙති 300 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඖෂධ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මහබාගේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.