වැදගත් සිදුවීම්

ජපාන නාවික හමුදා ‘කෂීමා’ නෞකාවේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
 
 

දින 5 ක සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන නාවික හමුදාවේ “කෂීමා”, “සෙටොයුකි” සහ “අසගිරි” නෞකාවන්හි ආගන්තුක සත්කාර පිළිබිඹු කරමින්, අද (9) දහවල් උණුසුම් පිළිගැනීමේ උත්සවයක් ‘කෂීමා’ නෞකාවේදී සංවිධානය කර තිබිණි.

09 Oct 2016

යාපනය දූපත් හා ත්‍රීකුණාමල පාසැල් ක්‍රීඩකයන් අතර පැවැත් වූ සුහද පාපන්දු තරඟයට නාවික හමුදා අනුග්‍රහය
 

උතුරු හා නැගෙනහිර පළාත් වල අඩු පහසුකම් යටතේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වන පාසැල් දරුවන් වෙනුවෙන් පාපන්දු පුහුණු වැඩසටහන් රාශියක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිදු කරමින් පවතී.

09 Oct 2016

2016 අන්තර් විධාන රග්බි තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වෙයි
 

2016 ඔක්තෝබර් මස 7 සහ 8 යන දෙදින වැලිසර නාවික හමුදා රග්බි පිටියේ පැවති අන්තර් විධාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

09 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැ‍ගෙනහිර නාවික විධානයට අයත්, ත්‍රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අනුයුක්ත යාත්‍රාවල රාජකාරීයේ නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (8) ඉලන්තන්ටුනු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටුයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

09 Oct 2016