කේරළ ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‍ථේරපුත්ත ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නාවිකයන් පිරිසක් ඊයේ (9) සිලාවතුර පොලීසිය සමග සිදු කළ සෝදිසියකදී පාලක්කූලි ප්‍රදේශයේ කේරළ ගංජා පැකට් 13 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.