ජපාන නෞකා ත්‍රිත්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
 

පසුගිය 7 වන දින සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපන් සාගරික ස්වයං ආරක්ෂක බළකායට අයත් නෞකා තුනෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර වි‍ජේගුණරත්න මහතා හමුවිය.

ඒ අනුව ජපන් සාගරික ස්වයං ආරක්ෂක බළකා පුහුණු ඒකකයේ අණදෙන නිලධාරී, රියර් අද්මිරාල් හිඩෙටොෂි ඉවසාකි මහතා, “කෂීමා” “සෙටොයුකි” සහ “අසගිරි” නෞකාවන්හි අණදෙන නිලධාරීන් වන කපිතාන් ජොසුකි නකපුරා, කොමාණ්ඩර් කෙන් සකායි, කොමාණ්ඩර් හිරොයුකි ලෙරාඔකි යන නිලධාරීන් මෙහිදී නාවික හමුදාධිපතිතුමා හමුවී සුහද කථාබහක නිරත විය. එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක ලුතිනන් අට්සුබිරෝ මොරොරෙ මහතා ද සහභාගී වී සිටියහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.