අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ධීවරන් දෙදෙනෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “සුදු රුවන්” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් ‍2 දෙදෙනෙකු අසාධ්‍ය රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (10) සවස ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය. ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 70 ක පමණ දුරකදී එම රෝගීන් දෙදෙනා පී 450 වේග ප්‍රහාරක යාත්‍රාව මගින් ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළ අතර, ඉන් අනතුරුව ඔවුන් කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කෙරිණි.