වැදගත් සිදුවීම්

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ධීවරන් දෙදෙනෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “සුදු රුවන්” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් ‍2 දෙදෙනෙකු අසාධ්‍ය රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (10) සවස ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

10 Oct 2016

ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ සමුද්‍ර පෙහෙරිදාර් නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් සමුද්‍ර පෙහෙරිදාර් නෞකාව අද (10) සුහද සහ පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

10 Oct 2016

ජපාන නෞකා ත්‍රිත්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
 

පසුගිය 7 වන දින සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපන් සාගරික ස්වයං ආරක්ෂක බළකායට අයත් නෞකා තුනෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර වි‍ජේගුණරත්න මහතා හමුවිය.

10 Oct 2016

කේරළ ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‍ථේරපුත්ත ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නාවිකයන් පිරිසක් ඊයේ (9) සිලාවතුර පොලීසිය සමග සිදු කළ සෝදිසියකදී පාලක්කූලි ප්‍රදේශයේ කේරළ ගංජා පැකට් 13 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

10 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයෙක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 8 වන දින සවුත්බාර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

10 Oct 2016