වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමා සමුද්‍ර පෙහෙරිදාර් නෞකාවේ සංචාරයක නිරත වෙයි
 

ශ්‍රි ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (11) ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් “සමුද්‍ර පෙහෙරිදාර්” නෞකාවේ සංචාරයක නිරත විය.

11 Oct 2016

රාජකීය ඕමාන් නාවික හමුදාවේ අල් නසීර් යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

රාජකීය ඕමාන් නාවික හමුදාවේ “අල් නසීර්” යුධ නෞකාව සුහදතාවය වර්ධනය කර ගැනීම හා සැපයුම් අවශ්‍යතාවයන් සපුරා ගැනී‍ම සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

11 Oct 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 14.3 ක් සමග පුද්ගලයෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට
 

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු සහ කාන්තාවක් ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව අද (11) සමත් විය.

11 Oct 2016

ආබාධිත නාවික පුද්ගලයන් වෙනුවෙන් පොලී රහිත ලක්‍ෂ 5 ණය මුදල් ප්‍රදානය කෙරේ
 

සතුරු ප්‍රහාර හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත්වූ නාවිකයන් වෙනුවෙන් පොලී රහිත ලක්ෂ 5 ක ණය මුදලක් ප්‍රදානය කිරීම ඊයේ (10) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරිණි.

11 Oct 2016

උතුරු නාවික විධානය මගින් ප්‍රජා සංවර්ධන සහ සමාජ සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් කරෙයිනගර් ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය අළුත්වැඩියා කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

11 Oct 2016

ගංජා කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ
 

බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවික හමුදා බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය 9 වන දින ඌව කුඩාඔය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී ගංජා කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

11 Oct 2016