නීතිවිරෝධී තහනම් දැලක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අයත් තංගල්ලෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී, නාකුලුගමුව ප්‍රදේශයේදී නීති විරෝධී තහනම් දැලක් සමග පුද්ගලයෙකු ඊයේ (11) අත්අඩංගුවට ගැනීමට සමත් විය. තංගල්ල පොලිස් ස්ථානය විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.