වැදගත් සිදුවීම්

නිවාස 75 ක අයිතිය නාවික හමුදා රණවිරුවන් වෙත පැවරීම ජනපති අතින් සිදු කෙරේ
 

“අපි වෙනුවෙන් අපි” සහ “සත්විරු සන්හිඳ” නිවාස ව්‍යාපෘති යටතේ තවත් නිවාස 75ක් නාවික හමුදා රණ විරුවන් වෙත ප්‍රදානය කිරීම අතිගරු ජනානාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආතනයේදී අද (12) සිදු කෙරුණි.

12 Oct 2016

ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “සමුද්‍ර පෙහෙරිදාර්” නෞකාවේදී පුහුණු අභ්‍යාසයක්
 

දින දෙකක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ “සමුද්‍ර පෙහෙරිදාර්”නෞකාවේදී සාගරයට මුදාහැරුණු තෙල්, කෙටි කාල සීමාවකදී කාර්යක්ෂමව ඉවත් කිරීම පිළිබඳ පුහුණු අභ්යාංසයක් අද (12) පැවැත්වීය.

12 Oct 2016

ඉන්දියානු රජයේ ප්‍රධාන ජලමානක නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
 

ඉන්දියානු රජයේ ප්‍රධාන ජලමානක නිලධාරී, රියර් අද්මිරාල් විනේයි බද්වාර් මහතා සහ කපිතාන් ආර්එම් තෝමස් යන මහත්වරුන් අද (12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර වි‍ජේගුණරත්න මහතා හමු විය.

12 Oct 2016

නීතිවිරෝධී තහනම් දැලක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අයත් තංගල්ලෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී, නාකුලුගමුව ප්‍රදේශයේදී නීති විරෝධී තහනම් දැලක් සමග පුද්ගලයෙකු ඊයේ (11) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

12 Oct 2016