නීති විරෝධී ධීවර දැල් 3 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කෝන්දම්පිඩ්ඩි වෙරළ තීරයේ අද (13) සිදු කරන ලද පාමුර සංචාරයකදී, තහනම් දැල් 3 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. අත්අඩංගුවට පත් පුද්ගලයා සහ තහනම් දැල් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.