වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර දැල් 3 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කෝන්දම්පිඩ්ඩි වෙරළ තීරයේ අද (13) සිදු කරන ලද පාමුර සංචාරයකදී, තහනම් දැල් 3 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

13 Oct 2016

ළිදක් පිරිසිදු කිරිමේදි මියගිය පුද්ගල‍යෙකුගේ මළසිරුර නාවික හමුදාව විසින් ගොඩගැනේ
 

කන්කසන්තුරේ පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේ හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් විසින් ඊයේ (12) තෙලිප්පලේ ප්‍රදේශයේ අඩි 70 ක් පමණ ගැඹුරු ළිදක් පිරිසිදු කිරිමේදි විෂ වායුවක් ආග්‍රහනය විමෙන් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉතා අසීරු පරිශ්‍රමයකින් පසු ගොඩ ගැනිමට සමත් විය.

13 Oct 2016

අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 16.7 ක් නාවික හමුදාව මගින් සොයාගැනේ
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේයි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (13) පේදුරුතුඩුවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 16.7 ක් සමග ඒවා ප්‍රවාහනය සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් සොයා ගන්නා ලදි.

13 Oct 2016