වැදගත් සිදුවීම්

අද්මිරාල් කොළඹගේ මහතා විසින් රචිත “ASYMMETRIC WARFARE AT SEA: THE CASE OF SRI LANKA” නම් ග්‍රන්ථය එළිදැක්වේ

හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වූ අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය, ජයනාත් කොළඹගේ මහතා විසින් රචිත “ASYMMETRIC WARFARE AT SEA: THE CASE OF SRI LANKA” නම් කෘතිය අද (14) අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී එළිදැක්විය.

14 Oct 2016

අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 68 ක් සොයාගැනේ
 

උතුරු නාවික විධානයට අයත් මාදගල් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ එම ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් යාපනය පොලිස් නිලධාරීන් සමග සිදු කළ සොදිසි කිරීමකදී අද (14) මාර්සන්කුඩාල් වෙරළ තීරයේ අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 68 ක් සොයා ගන්නා ලදි.

14 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට‍
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිතර වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (13) නාවික හමුදාව සමත් විය.

14 Oct 2016

වසර 34ක සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මොහොට්ටි මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ, අධ්‍යක්ෂ ජෙනරාල් නාවික හා ගුවන් මෙහෙයුම් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සරත් මොහොට්ටි යන ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියා සිය 34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් අද (14) දින විශ්‍රාම යන ලදී.

14 Oct 2016