වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුත්තලම කලපුව අශ්‍රිතව සිදු කරන ලද මුහුදු මුර සංචාරයකදී, පුල්ලුපිඩ්ඩි දුපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 2 දෙනෙකු අද (27) අත්අඩංගුවට ගන්නා ලදි.

27 Oct 2016

“සයුර” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි

ඉන්දියාවේ පුහුණු හා සුහද සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමිල” යන නෞකා ද්විත්වයේ කාර්යය මණ්ඩල එක්ව “සයුර” නෞකාවේ දී නාවික සම්ප්‍රදායානුකූල පිළිගැනීමේ උත්සවයක් ඊයේ (26) සන්ධ්‍යාවේ සංවිධානය කර තිබුණි.

27 Oct 2016

හෙරොයින් කිලෝග්‍රෑම් 2 ක් සමග ඉන්දීය පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් මුල්ලීකුලම් හි පිහිටි, ශ්‍රීලංනානෞ භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමක දී අද (27) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර කටයුතු වල නිරතවිමේ මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන එමින් තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 2 ක් අත්අඩංගුවට ගන්නා ලදි.

27 Oct 2016

ශ්‍රීලංනානෞ සයුර සහ සුරනිමිල යන නෞකාවන් පුහුණු අභ්‍යාසයක සහ ඉන්දියාවේ පුහුණු චාරිකාවක නිරත වේ

පුහුණු සහ සුහද සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සුරනිමිල යන නෞකාවන් 2016 ඔක්තෝබර් මස 24 වන දින උදෑසන ඉන්දියාවේ කොචින් වරායට සේන්දු වුනු අතර, එම ගමන් වාරය අතරතුර දී නෞකාවන් ද්විත්වය මුහුදට වැටුණු නාවිකයෙකු නැවත නිරුපද්‍රිතව නෞකාවට ගැනීමේ පුහුණු අභ්‍යාසයක (Man Overboard) සහ අනතුරට පත් නෞකාවක් වරාය දක්වා රැගෙන යාම මෙන්ම අනතුරට පත් නෞකාවක් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබද පුහුණු සැසිවාර පවත්වන ලදී.

27 Oct 2016