වැදගත් සිදුවීම්

“සෙඩ්රික්” යාත්‍රාවක් නාවික කෞතුකාගාරයේ තැන්පත් කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු “‍සෙඩ්රික්” (Cedric) යාත්‍රාවක් ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි නාවික කෞතුකාගාරයේ තැන්පත් කර එය නිල වශයෙන් විවෘත කිරීම ඊයේ (31) උදෑසන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජේවර්ධන මැතිතුමා අතින් සිදු කෙරිණි.

01 Nov 2016

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (1) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

01 Nov 2016

නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකු බේරා ගැනේ

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (31) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

01 Nov 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 80 ක් සමග පුද්ගලයන් සිවි දෙනෙක් අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, පි 424 යත්‍රාවට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් කච්චතිව් දුපතට උතුරින් වු මුහුදෙදී සැක කටයුතු යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී මෙරටට රැගෙන එමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 80 ක් පමණ සමග පුද්ගලන් සිව් දෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගන්නා ලදී.

01 Nov 2016