වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (8) පල්ලෙමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

08 Nov 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 24 ක් නාවික හමුදාව සොයා ගනී
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අයත්, චලෙයි නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කරන ලද වැටලීමකදී අද (7) චලෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 24 ක් සොයැගැනීමට සමත් විය.

07 Nov 2016

අනුරාධපුරයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (7) අනුරාධපුර පිහිටි කොක්මාදුව සහ පුහුලේවැව යන ප්‍රදේශ වලදී විවෘත කෙරිණි.

07 Nov 2016