සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ ප්‍රථම අධියරේ, අද (13) පස්වරුවේ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදවා ලකුණු 21 - 13 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය ලබා ගැනීමට හැකි විය. එම  තරඟයේදී උත්සාහක ‍දිනුම් 3 ක්, ප්‍රවර්තන ගෝල 3 ක් සමගින්  පහසු ජයක් ලබා ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත් විය. මෙම තරඟය නැරඹිම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගි විය.