නීති විරෝධී ධීවර ක‍ටයුතුවල නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, කුච්චවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එහිදී, මත්ස්‍යයින් කිලෝග්‍රෑම් 50 ක් සහ ඩිංගි යාත්‍රාවක් ද අත්අඩංගුවට පත් වූ අතර එම පුද්ගලයන්, භාණ්ඩ සහ මසුන් ‍තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.