නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැ‍ගෙනහිර නාවික විධානයට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් තහනම් දැල් 5 ක්ද අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මූතූර් ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරුණු අතර, තහනම් දැල් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාරේතමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.