සීඑච් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ පළමු අදියරේ, අද (20) පස්වරුවේ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් සීඑච් ඇන්ඩ් එෆ්සී පිල පරදවා ලකුණු 55 - 3 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවිය. ඒ අනුව එම තරඟයේදී උත්සාහක ‍දිනුම් 9 ක්, ප්‍රවර්තන ගෝල 5 ක් සමගින් පහසු ජයක් ලබා ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත් විය.