"සමර්සෙට්" යුද නෞකාවේ අණදෙන නිලධාරී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි
 

පුහුණු සංචාරයක් සඳහා ඊයේ (22) ත්‍රිකුණාමලය වරායට සේන්දු වු ඇමරිකානු නාවික හමුදාවට අයත් "සමර්සෙට් " යුද නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඩැරන් ග්ලාසර් මහතා අද (23) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.‍ නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක් වී සිටියහ.