නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23) ඉලුප්පුකඩවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් වල්ලම් 2 ක් සහ නීති නිරෝධී දැලක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.