ගාලු කතිකාව 2016 වෙනුවෙන් විදෙස් නාවික ප්‍රධානීන් දිවයිනට පැමිණේ
 

මෙම මස 28 සහ 29 යන දෙදින කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වීමට නියමිත 7 වන ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා නෙදර්ලන්ත රාජකීය නාවික හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් රොබ් වර්කග් මහතා, ජර්මානු නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් අන්ඩ්‍රියස් ක්‍රවුස් මහතා සහ එම මැතිණිය ඊයේ (26) දිවයිනට පැමිණියහ.

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුණා විජේගුණරත්න මහත්මිය විසින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එම නාවික හමුදාධිපතිවරුන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එම අවස්ථාවන් දේශීය නර්ථනයන්ගෙන් සහ වාදනයන්ගෙන් වර්ණවත් වූ අතර, නාවික හමුදාධිපතිතුමන් විදෙස් නාවික ප්‍රධානීන් සමග එහිදී සුහද කථාබහක ද නිරත විය.

නෙදර්ලන්ත රාජකීය නාවික හමුදාධිපතිතුමාගේ පැමිණීම

ජර්මානු නාවික හමුදාධිපතිතුමාගේ පැමිණීම