ගාලු කතිකාව 2016 වෙනුවෙන් තවත් විදෙස් නාවික ප්‍රධානීන් දෙදෙනෙක් දිවයිනට පැමිණේ
 

7 වන ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා තවත් විදෙස් නාවික ප්‍රධානීන් 2 දෙදෙනෙකු අද (27) සවස දිවයිනට ලගා විය. ඒ අනුව, ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති, අද්මිරාල් හැරී බී. හැරිස් මහතා, එම මැතිණිය සහ ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල්, සුනිල් ලන්බා මහතා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුණා විජේගුණරත්න මහත්මිය විසින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එම නාවික ප්‍රධානීන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එම අවස්ථාවන් දේශීය නර්ථනයන්ගෙන් සහ වාදනයන්ගෙන් වර්ණවත් වූ අතර, නාවික හමුදාධිපතිතුමන් එම නාවික ප්‍රධානීන් සමග එහිදී සුහද කථාබහක ද නිරත විය.

ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපතිතුමාගේ පැමිණීම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉන්දීය නාවික හමුදාධිපතිතුමාගේ පැමිණීම