නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට‍
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) සල්ලී සම්බලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු තීරයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුහ. එහිදී ඩිංගි යාත්‍රාවන් 2 ක්, තහනම් දැල් 3 ක් සහ කිමිදිම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණයක් අත්අඩංගුවට ගත් අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.