වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා‍ විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (28) උඩප්පුව හා සින්නපාඩු අතර මුහුදු පුදේශයේ දී සහ උච්චමුණේයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

29 Nov 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට‍
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) සල්ලී සම්බලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු තීරයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුහ.

29 Nov 2016

ගාලු කතිකාව 2016 සඳහා සහභාගීවීමට පැමිණි විදෙස් නියෝජිතයින් නාවික හමුදාධිපති හමුවෙයි
 

2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නාවික හමුදාවන්හි ප්‍රධානීන් සහ විදේශීය සාගරික සංවිධානයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අද (28) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

29 Nov 2016

ගාලු කථිකාව 7 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හත්වන වසරටත් සංවිධානය කරනු ලබන 2016 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (28) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.

29 Nov 2016