නීති විරෝධී ලෙස කැස්බෑවෙකු ඇල්ලූ පුද්ගලයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අන්තෝනිපුරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ ගනයේ කැස්බෑවෙකු සමඟ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

කිලෝග්‍රෑම් 60 ක් පමණ බරැති එම කැස්බෑවා නිදහස් කර යැවීමට කටයුතු කළ අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඉදිරි කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.