නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුව
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (3) සිලාවතුර ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැලක් ද අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ ආම්පන්න වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.