වැදගත් සිදුවීම්

62 වැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

04 Dec 2016

ජපන් නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණේ
 

ජපාන ස්වයං ආරක්ෂක නාවික බලඝණයට අයත් “කිරිසමෙ” නෞකාව සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (4) කොළඹ වරායට සේන්දු විය.

04 Dec 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුව
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (3) සිලාවතුර ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

04 Dec 2016

66 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැත්වෙයි
 

දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සැමරුම නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් ඊයේ (2) සහ අද (3) යන දිනයන්හි පැවැත්විණි.

04 Dec 2016

නීති විරෝධී ලෙස කැස්බෑවෙකු ඇල්ලූ පුද්ගලයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අන්තෝනිපුරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ ගනයේ කැස්බෑවෙකු සමඟ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

04 Dec 2016