නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් සහ තහනම් කිමිදුම් උපකරණ භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ ලාංකික ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඔවුන් හට ධීවර කටයුතු වල නියැලීම සඳහා වලංගු ධීවර බලපත්‍ර නොමැති බවද හෙළිවී ඇත.

එම ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 4 ක්, නීති නිරෝධී දැල් 3ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 3ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 3ක්, ඔක්සිජින් සිලින්ඩර් 8 ක් සහ GPS යන්ත්‍ර 3ක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.