උතුරු නාවික විධානය ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කෙරේ
 

උතුරු විධාන නාවික රෝහල සහ යාපනය මහ රෝහලේ රුධිර බැංකුව එක්ව සංවිධානය කරන ලද ලේ දන්දීමේ විශේෂ කඳවුරක් පෙරේදා (10) පවත්වන ලදි. නාවික හමුදාවේ 66 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද මෙම ලේ දන්දීමේ කඳවුර උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලදි.

නාවික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ රුධිර බැංකු ශාඛාවේ කාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද මෙම ව්‍යාපාරයේදී 200 කට ආසන්න උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සිය රුධිරය පරිත්‍යාග කරන ලදි.