ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රායෝගික වෙඩි තැබිමේ සංචිතය ආසියානු පැසිෆික් හැන්ඩ්ගන් තරඟාවලියේදි විශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කරයිේ
 

ආරක්ෂක සේවා ක්‍රීඩා උ‍ළෙලේ වෙඩිතැබ්මේ ශූරයින් ලෙස කිරුළු පැලැදි ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබිමේ සංචිතය 2016 දෙසැම්බර් මස 7 සිට 11 දක්වා තායිලන්තයේ පට්තායා හි පවත් වන ලද ආසියානු පැසිෆික් හැන්ඩ්ගන් තරඟාවලියට සහභාගි වන ලදි. මෙම තරඟාවලිය සඳහා රටවල් 17 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 300 ක් පමණ සහභාගි වු අතර, මේ සඳහා ආසියානු පැසිෆික් කළාපයේ සිටින ප්‍රසිද්ධ වෙඩි තැබිමේ ශූරයන් ද සහභාගි වි සිටියහ.

ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙඩි තැබිමේ කාණ්ඩායම නියෝජනය කරමින් තරඟ වැදුනු කාන්තා සුළු නිලධාරී ඩබ්ජිඑස් ප්‍රියදර්ශණි, කාන්තා නායක නැවි යුඑස් රොඩ්‍රිගෝ, කාන්තා නායක නැවි ඩබ්එම්එන්ආර් කුමාරි විවෘත අංශයේ ප්‍රථම,දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් දිනා ගන්නා ලදි. නායක නැවි ආර්ඩිඑස් ප්‍රේමශාන්ත පිරිමි ස්ටැන්ඩර්ඩ් අංශයේ රිදී පදක්කම දිනාගත් අතර, කාන්තා නායක නැවි යුඑස් රොඩ්‍රිගෝ ක්‍රීඩිකාව හට ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩිතැබිමේ සම්මේලනයේ සභාපති තුමන් විසින් විශේෂ ගෞරවයක් වශයෙන් ප්‍රදානය කරන ලද රන් පදක්කම මෙම තරඟාවලියේ සුවිශේෂි සන්ධිස්ථානයක් වශයෙන් සනිටුහන් විය.